Thursday, October 27, 2011

එදා ඒ ආදරේ දැනුනේ පපුවට... අමුතු ලස්සනක් නැති.. කිසිම හැඩයකුත් නැති... ඒත්... මට මුතු කැට වලටත් වඩා වටිනා ඒ අකුරු රැඳී ලියුම් කඩදාසි ටික මං අදටත් ආදරෙන් පරිස්සම් කරගෙන ඉන්නේ... ඔයා අද මං ළඟ නැති උනත්... ඒ සුන්දර අතීතේ හිටිය ඒ රවුම් ඇස් දෙකෙන් කතා කරන ඒ මගේ පුංචි සුරංගනාවී තාමත් මං ළඟ කියල මට දැනෙන්න.... සත්තයි..

පිටපත්...
----------

සියුමැලි ඇඟිලි තුඩත්තිය...
ඔය මුදු කොමල ඇඟිලි තුඩින්...
ඉරා බලාපන් මගේ පපුතුර....
නුඹ නොකියූ..
නුඹ නොඑවූ...
ඒ පෙම් වදන්... පෙම්හසුන් පත්....
මා හද ගැබේ අපූරුවට....
පිටපත් ව  ඇති අයුරු......

No comments:

Post a Comment