ආදරයට හිමි පැහැය ගැන මට හුඟාක් තර්ක තිබුනා... එතැනදී රතු රෝස මලත් එක්කම එන රතු පැහැයට තිබෙන අවස්තාව ගොඩක් වැඩි උනත්... සැබෑ ආදරයේ පැහැය එය විය නොහැකි බව මගේ මතයයි...
ප්‍රේමයේ පැහැය...
රාගයෙන් තොර.. සඳ එලිය සේ නම්...
ගව් දහසක් දුරින් සිටියත්...
ඒ සඳ එළියෙන් ඇගේ මුව මඬල දකී නම්..
සුදෝ සුදු වලා කැටිති වල..
ඇගේ රුව ලාලිත්‍ය මැවී පෙනේ නම්..
රුවන් වැලි සෑ රජුට... කිරි වෙහෙරට..
ඈ වෙනුවෙන් පොරොන්දු දිවි හිමියෙන් වේ නම්...
පුළුන් බෝලයක් වැනි සුදු හා පැටියෙකු සේ ඇයව දකී නම්...
සුදු පැහැය මිස ආදරයේ පැහැය...
වෙන කුමක් වේද????
No comments:
Post a Comment