Monday, January 7, 2013

 හිනැහෙන්න තව එක වතාවක්...
අවරුදු ගණනාවක් තිස්සේ...
පෙරුම් පුරමින්...කල් මරමින්...
කැන්වසය මතට ගන්නට උත්සහා කරන ඔබේ රුව...
විටින් විට වෙනස් වන ඔබේ මුහුණේ හැඟීම් සමග මං...
අසරණ උත්සාහයක...
සිතුවම් කරමි මම එය...
මනසින් ඔබේ රුව ගෙන... ඒත්...
කිසිවකට සමකල නොහැකි...
ඒ සුන්දර සිනහව...
සිතින් මවා ගත නොහැක මට...
දෑසින්ම දැක සිතුවම නිම කරනු මිස...