Thursday, October 25, 2012

               ~~~~  ගැලපීම  ~~~~


කොටු කොටු ගත්තා... අනේ කොටු වැඩී කිව්වා...
ඉරි ඉරි ගත්තා... අයියෝ  ඉරි වැඩී කිව්වා...
අනේ මං තනි සුදු ගත්තා... කාගේද මළගේ ඇහුවා..
ඇයි යකොඩෝ...
මං පාටක් ගත්තම ඒ පාර චන්දෙ ඉල්ලන්න වගේ කිව්වා...

අනේ අම්මපා....

තව ඉතුරු උපන් ඇඳුම විතරයි...!! :(
       *****  විජයග්‍රහණය *****

මිනිසා හඳත් ජයගත්තා... 
අඟහරු ජයගත්තා කියල කිව්වා...
තත්. 9ට අඩුවෙන් මී. 100 දුවල වේගයත් 
මිනිසා ජයගත්තා...
ඒත්... 
තමුන්ගේම ඔරලෝසුව ජයගන්න 
අපි කාටවත් තවම හැකි වෙලා නෑ..
ඒක තවම දුවනවා..
අපිවත් පහු කරන්...අපි නතර වේවි 
විවේක ගන්න අතරතුරත් ඒක දුවනවා..
ඒ.. නිකම් එහෙම නෙමෙයි...
අපේ ජීවිතවල අපිට ඉතිරියත් අරගෙන...
දවසක....
ඒ ඔරලෝසුවම පහුකරගෙන...
නොනැවතී මිනිසා ඉදිරියට යන දිනය...
මිනිසාගේ සැබෑම වූ...

විජයග්‍රහණය වේවි...

Wednesday, October 17, 2012

                            ### මං   සලකුණු ###


............ එකම මගක පියවර මැන... ඉදිරියට 
  ඇවිද ගිය අපි දෙන්නා....   ඉදිරියේ ද්විත්ව මාර්ගයක් තිබුනා....
........... අපි වෙන වෙනම ඇවිද ගියා...   
........ ඉදිරියෙන් පාර පටු උනා....
                      දැන් මම විතරමයි....  ඇය අධිවේගී මාර්ගයේ 
ගොස් අවසන්............~~~~~~~

                                   ~~~~ @ තනිකම ~~~~

මං...
චුට්ටක් හිනා උනාම 
බඩ අල්ලාගෙන හිනාවෙන්නත්....

මගේ ඇහේ එක කඳුළු බිංදුවකට...
කෑගහල අඬන්න...

ඔයා ඉඳලත්....

ඇයි මං මේ තරම් තනියෙන්.....
.

Saturday, September 15, 2012

                              ~~~~~  හැරී   බැලීමි  ~~~

කිසිවෙකු කිසිවිටෙක  විශ්වාස නොකරන......
                මගේ ජීවිත හෝරා මුහුණතේ......
         එක් නිමේෂයක හමුවූ ඔබ....
   
හුදු කල්පිතයක් මැ නොව.. සැබෑවක් බව..............
                       වැටහෙන විට     මා.............
ඔබැ පසු කොට .. බොහෝ දුර ගොස් 


             අවසන්....