ඇත්තයි...
------------
හිමිදිරියේ පින්න රැඳී....
මල් පෙත්තේ පැහැය නුඹ....
ගත දැවටෙන මිහිදුමේ සිසිල නුඹ...
කඩා හැලෙන දිය ඇල්ලේ...
කිරි පාට පෙන පිඬුව නුඹ...
වෙරල සිප නැවත යන...
සයුරේ හෝ හඬ නුඹ...
මට පෙනී පෙනී...
මගේ හදවත රැගෙන ගිය...
ආදරණීය හෙර නුඹ....
කමක් නෑ... මං ආසයි මේ හොරකමට... ඔයා කැමති තාක් කාලයක් මගේ හදවත තියා ගන්න... ආදරෙන්...
No comments:
Post a Comment