Friday, October 28, 2011

කොච්චර කරත් ගුරුත්වාකර්ෂණය ගැන මතක් වෙද්දී ඔලුවට එන්නෙම ඒ මනුස්සය බේරුණු බේරිල්ල..

ආකිමිඩිස්.."ගුරුත්වාකර්ෂණය" ඇපල් ගසක යට සිටියදී ගසේ තිබු ඇපල් ගෙඩියක් හිස මතට වැටීමෙන් ඔහු ගුරුත්වාකර්ෂණය සොයා ගන්න ලදී.. අනේ උන්දෑ පොල් ගහක් යට එහෙම හිටියනම්.......

Wednesday, October 26, 2011

කමක් නෑ... මං ආසයි මේ හොරකමට... ඔයා කැමති තාක් කාලයක් මගේ හදවත තියා ගන්න... ආදරෙන්...

ඇත්තයි...
------------

හිමිදිරියේ පින්න රැඳී....
මල් පෙත්තේ පැහැය නුඹ....
ගත දැවටෙන මිහිදුමේ සිසිල නුඹ...
කඩා හැලෙන දිය ඇල්ලේ...
කිරි පාට පෙන පිඬුව නුඹ...
වෙරල සිප නැවත යන...
සයුරේ හෝ හඬ නුඹ...
මට පෙනී පෙනී...
මගේ හදවත රැගෙන ගිය...
ආදරණීය හෙර නුඹ....
කමක් නෑ... මං ආසයි මේ හොරකමට... ඔයා කැමති තාක් කාලයක් මගේ හදවත තියා ගන්න... ආදරෙන්...

Tuesday, October 25, 2011

අපි මවු කුසේ සිටම හොයනවා... මරණ මංචකය වෙන තෙක්ම... අපේ ජීවිත වල කීයකින් කී දෙනාටද ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ...

උත්තර  නැති බව දැන දැනම ...
සදාකාලිකවම  උත්තර හොයන...
එකම  ප්‍රශ්නය...

.
.

.
.

.
.

.
.
~~~~~~~

ආදරයට හිමි පැහැය ගැන මට හුඟාක් තර්ක තිබුනා... එතැනදී රතු රෝස මලත් එක්කම එන රතු පැහැයට තිබෙන අවස්තාව ගොඩක් වැඩි උනත්... සැබෑ ආදරයේ පැහැය එය විය නොහැකි බව මගේ මතයයි...

ප්‍රේමයේ පැහැය...

රාගයෙන් තොර.. සඳ එලිය සේ නම්...
ගව් දහසක් දුරින් සිටියත්...
ඒ සඳ එළියෙන් ඇගේ මුව මඬල දකී නම්..
සුදෝ සුදු වලා කැටිති වල..
ඇගේ රුව ලාලිත්‍ය මැවී පෙනේ නම්..
රුවන් වැලි සෑ රජුට... කිරි වෙහෙරට..
ඈ වෙනුවෙන් පොරොන්දු දිවි හිමියෙන් වේ නම්...
පුළුන් බෝලයක් වැනි සුදු හා පැටියෙකු සේ ඇයව දකී නම්...

සුදු පැහැය මිස ආදරයේ පැහැය...
වෙන කුමක් වේද????