Thursday, October 25, 2012

       *****  විජයග්‍රහණය *****

මිනිසා හඳත් ජයගත්තා... 
අඟහරු ජයගත්තා කියල කිව්වා...
තත්. 9ට අඩුවෙන් මී. 100 දුවල වේගයත් 
මිනිසා ජයගත්තා...
ඒත්... 
තමුන්ගේම ඔරලෝසුව ජයගන්න 
අපි කාටවත් තවම හැකි වෙලා නෑ..
ඒක තවම දුවනවා..
අපිවත් පහු කරන්...අපි නතර වේවි 
විවේක ගන්න අතරතුරත් ඒක දුවනවා..
ඒ.. නිකම් එහෙම නෙමෙයි...
අපේ ජීවිතවල අපිට ඉතිරියත් අරගෙන...
දවසක....
ඒ ඔරලෝසුවම පහුකරගෙන...
නොනැවතී මිනිසා ඉදිරියට යන දිනය...
මිනිසාගේ සැබෑම වූ...

විජයග්‍රහණය වේවි...

No comments:

Post a Comment